(采访/撰文:Aurora S)
编者按:本文为中国全国两会同期报道,原刊于斯里兰卡政府英文媒体Daily News
”අද මම සජීවී විකාශනයෙන් සැරසෙන්නේ ඔබට හොඳ ගනුදෙනු කිහිපයක් ලබා දීමටයි! හිතන්න කුමක් ද කියා? අද, මෙම අලංකාර මැණික යුවාන් 600කට 700කට නෙමෙයි, 368 කට ඔබට ලබාදෙනවා! කට්ටිය ලෑස්තිද! හොඳයි, සූදානම්ද?  එකායි, දෙකායි, තුනායි, දැන් සම්බන්ද වෙන්න!”
ඔබ මෙම ස්ථානයට සම්බන්ද වන පළමු අවස්ථාව මෙම ඝොෂාකාරී පරිසරයේ, සිටින ශ‍්‍රී ලාංකිකයකු ඉතාමත් අලංකාර සහ සුපැහැදිළි  ලෙස චීන බස හසුරවමින් ඔහු වටා සිටින පාරිභෝගිකයන්ට ඉතාමත් සිත්ගන්නා සුළු ආකාරයට ඔහුගේ නිශ්පාදනය ප‍්‍රවර්ධනය කරන ආකාරය යි. මෙහිදී ඔහු මිනිත්තු කිහිපයකදී ඔහු වටා සිටින කීප දෙනෙකුට ඉතාමත් සාධාරන මිලකට පෙරිඩෝ Peridot විකුණූ අකාරය අපව පුදුමයට පත් කරවන සුළුයි.
මෙහි සිටින චිරංජය උඩුමුල්ලගේ නම් චයිනා ශ්‍රී රෝඩ් කනෙක්ෂන් සන්නාමයෙහි නිර්මාතෘවරයා වන ශ්‍රී ලාංකිකයා ඔහු විසින් ලබා දුන් දැනුම සහ කුසලතා ඔහුගේ ශිෂ්‍යයන් විසින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය දෙස ඉතාමත් ආඩම්බරයෙන් බලා සිටී.
චිරංජයඋඩුමුල්ලගේජීවිතයදෙසබලනවිට “ඔබසූදානම්නම්අවස්ථාවන්ඕනෑතරම් ” යනපැරණිකියමනසත්‍යබවඔප්පුවේ.
චිරංජය 2006 දී ශිෂ්‍යත්වයක් ලබා චීනයට පැමිණියේ ඔහුගේ පවුලේ අයගේ සහයෝගය ඇතිවය. මෙය ඔහුගේ සිතේ කුඩා කාලයේ පටන්ම තිබූ හීනයකි. චීන දේශය ගැන ඔහුගේ ප්‍රතිරූපය ඔහු කුඩා කලයේ සිටම ටිකෙන් ටික ගොඩනැගුනේ චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සාමාජිකයෙකු වූ ඔහුගේ පියා කී කතාන්දර වලිනි. ඉතාමත් වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසුන් සිටින හොඳින් සංවර්ධනය වූ රටක් වූ චීනය ගැන ඇතිවූ පැහැදීම නිසා ඔහු ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයෙන් පසුව ශිෂ්‍යත්වයක් ලබා වැඩි දුර අධ්‍යාපනයට චීනයට පැමිණියේය.
ජිවිතයේසියල්ලඅපගේ ”අධිෂ්ඨානය” වටාකැරකෙයි.
ඔහු මුලින්ම චීනයට පැමිණෙන විට ඔහුගේ සිතේ අධිෂ්ඨාන තුනක් තිබිනි ”මම මුලින්ම චීන භාෂාව ඉගෙන ගන්නවා, ඊළගට චීනයේ සංස්කෘතිය ඉන් පසු මගේ වෘත්තිය ගොඩනඟා ගැනීමට අවශ්‍ය දැනුම ලබා ගන්නවා. ඔහු  ඔහුගේ අධිෂ්ඨානයට අනුව ජීවත් විය. ඔහු තම පළමු වසර භාෂා අධ්‍යයනය සඳහා ටියැන්ජින් විශ්වවිද්‍යාලයක ගත කළ අතර, භාෂා අධ්‍යයනයේදී “අපේ උගුර චීන භාෂාවට පුහුණු වී නැත” යන මතය සමඟ පොරබදමින්,අඩුම තරමේ “නිහාඕ” (හලෝ) යන වචනය පවා නොදැන සිට ශබ්ද සහ ශ්‍රවණය හොදින් උකහාගෙන ඔහුගේ චීන සංස්කෘතියට තිබූ ආදරය නිසා භාෂාවෙන් චතුර ලෙස කථාකිරීම ඉතා ඉක්මනින් සාක්ෂාත් කර ගත්තේය.
විශේෂයෙන්ම අප නව සංස්කෘතියකට හුරුවන විට අපට උදව් කරන මිතුරන් සිටීම සතුටට කරුණක්. ”චිරංජය මට කීවේ චීන භාෂාව ඉතා ඉක්මනින් ඉගෙන ගැනීමේ ඔහුගේ රහස වූයේ ඔහුට සිටි මිතුරන් පිරිස නිසා බවයි” ඔහු පළමුව බීජිං වෙත පැමිණි විට ගුවන් තොටුපළේදී ඔහුව රැගෙන ගිය මිතුරාගේ සිට ඔහුට ඔහුගේ පළමුවන QQ ගිණුම විවෘත කොට දුන් චීන මිතුරා වූ කෙවින් සහ සහ ඔහුට කුඩා වචන එකක් හෝ දෙකක් ඉගැන්වූ සෑම පුද්ගලයෙක්ම ඔහු ඉතා ගෞරවයෙන් සිහිපත් කළා. එම ප්‍රයෝජනවත් මිතුරන් ඔහු චීන භාෂාව කථනයට දක්ෂයකු වීමේ රහස බව ඔහු පැවසීය.
ඇත්තෙන්ම සමහර අමාරුකම් තිබුණත් ඔහු ඒවා කෙසේ හෝ හසුරුවා ගත්තා. ඔහුට චීන භාෂාව කියවීමට නොහැකි නිසා අවන්හලකට යන විට ඔහු සෑම විටම මෙනු පතෙන් “කුං පාඕ කුකුල් මස්” (කුළුබඩු සහිත කුකුල් මස්) තෝරා ගන්නා අතර සෑම වියදමක්ම සතයට සැලසුම් කරමින් මසකට ඩොලර් 800 ක අයවැයකින් ජීවත් උනා. “මම දවසේ වියදම එක් දිනකට යුවාන් පහකට හෝ හයකට සීමා කිරීමට උත්සාහ කළෙමි”, දවසේ වියදම් සියල්ල ලියා තබා කෙසේ හෝ මුදල් ටිකක් ඉතිරි කර ගැනීමට උපරිම උත්සාහයක් ගතිමි. ඔහු තවමත් අයවැය ලේඛන ඔහු අත තබා ගනී.
ඉන් පසුව, ඔහුගේ චීන ජිවිතයේ පළමු වසර ඉතා හොඳින් ගෙවී ගියේය, ඔහු සිටින මහල් නිවාසයේ එක් එක් මහලෙහි මුළුතැන්ගෙවල් වලින් හමා එන විවිධ කෑම වර්ගවල සුවඳ, සමඟින්, ඔහු සහභාගී වූ ටෙනිස්, ක්‍රිකට් ක්‍රීඩා ඇතුළු විවිධ ක්‍රියාකාරකම් ද විය. ඔහු චීන සිසුන්ට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන් අතර ඔවුන්ට ස්වේච්ඡාවෙන් ඉගැන්වීම පවා කළේය. 2008 බීජිං ඔලිම්පික් උළෙල ඔහු පදිංචි වූ දෙවන වසරේ පැවති බැවින්, සමාප්ති උත්සවය නැරඹීමේ අත්දැකීම ඔහුට කිසිදා අමතක නොවන අතර එහි පැවති ගිනිකෙළි සන්දර්ශනය ඔහුට ඔහුගේ ඇස් අදහා ගත නොහැකි සිදුවීමක් විය.  මගේ ජීවිතයේ හොඳම මතකය කුමක්දැයි යමෙක් මගෙන් ඇසුවොත්, මම එය ටියැන්ජින්හි පළමු වසර යැයි කියමි, එය එතරම් විශේෂ හැඟීමක්. “ඔහු චීනයේ ගතකල මුල් කාලය ගැන සිහිපත් කළේ එලෙසයි.
තේ ප්‍රදර්ශනවල සහ මැණික් අලෙවිසැලක ඔහුගේ අර්ධකාලීන රැකියාවන් ඔහුට නව ලෝකයක් විවර කර දුන්නේය, එහිදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන චීන ජාතිකයින් ආකර්ෂණය කරන ආකාරය ඔහු දුටුවේය. “චීනය යනු විශාල වෙළඳපොලකි. චීනයේ තව තවත් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට අපට විශාල අවස්ථාවක් තිබේ.“ ඔහු පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියදී,  ශ්‍රීලංකාවේ තේ, පොල් නිෂ්පාදන සහ මැණික් අලෙවි කිරීමට පටන් ගත් අතර 2014 දී උපාධිය ලැබීමෙන් පසු අලෙවිකරණය ගැන ඉගෙන ගැනීමට පටන් ගෙන අවසානයේ 2018 ශීත ඍතුවේ දී ඔහුගේ නව සමාගම එළිදැක්වීය.
විදේශිකයෙකු ලෙස චීනයේ සමාගමක් ආරම්භ කිරීම එකල එතරම් පහසු කාර්යයක් නොවීය. එය සිදුකිරීමට කාලයක් ගත වන අතර අදියර කිහිපයක් හරහා යා යුතුය. ආහාර බලපත්‍රය, බැංකු ගිණුම් සහ ව්‍යාපාර පරිපාලනය සමඟ කටයුතු කිරීම අවශ්‍ය විය. නමුත් මෑත කාලයේ  සියල්ල පහසු වී ඇත. BRI වැනි ව්‍යාපෘති, කුලි සහනාධාර දීම, වරාය හරහා භාණ්ඩ ප්‍රවේශය විවෘත කිරීම වැනි පහසුකම් හරහා රජය ලබා දී ඇති අවස්ථා සමඟ සියල්ල පහසු වී ඇත. සමාගමක් ආරම්භ කිරීමේ ක්‍රියාවලියට වසර 1 සිට දින 3 දක්වා ඉක්මන් වී ඇත. මීට අමතරව ප්‍රදර්ශන පැවැත්වීම වැනි ව්‍යාපෘති හරහා ඔහුට ඔහුගේ නිෂ්පාදන වෙනත් නිෂ්පාදන සංසන්දනය කර ගත හැකිය.
මෙම තත්වයට පැමිණ ගතවී ඇත්තේ වසර හයක් පමණි, ”එය වේගවත්ය, නමුත් එය පහසු දෙයක් නොවීය.”චිරංජය මෙම දිගු ගමන සාරාංශ කරන විට සදහන් කලේය.
ඔහුගේ වෘත්තීය දිවියේ මැද භාගයේදී ඔහුට ආදර සම්බන්ධයක් ඇති විය. එය ඔහු චීනයේ ශ්‍රී ලංකාවේ සංචාරක පරිවර්තකයෙකු ලෙස සේවය කරමින් සිටි කාලයේ සිටියදී මුහුදු වෙරළෙ හිමිදිරි උදෑසනකදී  මුහුදේ ඡායාරූප ගැනීමට පැමිණ සිටි චීන ජාතික තරුණියක් ඔහුට මුණගැසුණු අතර, ආදර යෝජනාවකින් පසුව ආරම්භ වූ වසර හතක දිගුකාලීන සම්බන්ධතාවයකින් පසුව එම තරුණිය දැන් ඔහුගේ ආදර බිරිඳ බවට පත්ව ඇත.
ජීවිතයේ ආදරය හමුවීම ඔහුට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට තවත් උත්තේජනයක් විය, “මට අවශ්‍ය වන්නේ ඇයට ආදරය ආරක්ෂාව ලබා දීමයි.“එබැවින් ඔහුගේ අධිෂ්ඨාන ලැයිස්තුවට තවත් එක් අරමුණක් එක් විය. ඒ ඇයට සහතිකය රැකවරණය ලබාදීමයි.
”සංස්කෘතියකට ඒකාබද්ධ වීමට හොඳම ක්‍රමය මිතුරන් ඇති කර ගැනීමයි” යන ඔහුගේ න්‍යාය, ඔහුගේ බිරිඳ ඔහුට මෙම විදේශීය සංස්කෘතියට අනුගත වීමට, මඟ පෙන්වීමට සහ උපකාර කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළාය, එසේම ඇය ඔහුගේ ව්‍යාපාරය නගා සිටුවීමට විශාල දයකත්වයක් ලබා දුන්නාය.
ඔහුගේ සිතේ වූ අධිෂ්ඨාන තුනම සාක්ෂාත් කර ගනිමින්, ඔහු දැන් චීන සංස්කෘතියේ ප්‍රවීණයෙකි, ඔහු චීන ජාතිකයින් තේ බොන ආකාරය, කෝප්පයක් පහත් කර යමක් සමරන ආකාරය සහ වැඩිහිටියන් සමඟ චතුර ලෙස කතාබස් කරන ආකාරය හොදින් දනී. ඊට අමතරව, ඔහු ඩම්ප්ලිං සහ මාලා ටැංග් රසිකයෙකි. (චීන හොච්පොච්).
ඔහු පැමිණි මෙම වාසනාවන්ත ගමනේදී ඔහුට බොහෝ දුෂ්කරතාද ඇති විය. මියන්මාරයේ ඔවුන්ගේ මධුසමය අතරතුර වසංගතයක් ඇති වූ අතර එමඟින් ඔවුන්ට නැවත චීනයට පැමිණ ව්‍යාපාරය කරගෙන යාමට දොරටු වැසී ගියේය. ඔවුන්ගේ ව්‍යාපාරයේ කිසිදු මිලදී ගැනීමක්, වෙළඳාමක් නොමැතිව මාස තුනක් ඔවුන් ශ්‍රී ලංකාවේ නිවසේ සිරවී සිටියහ. මාස 6ක කාලයක් සැපයුම් දාමය අවහිර වීම නිසා ගබඩාවේ ආහාරවලට හානි විය. ඇඳිරි නීතිය පැනවූ අතර මෙම අඳුරු තත්ත්වය පහව යන බවක් නොපෙනුණි.
නමුත් උදාවූ අඳුරු මොහොත ආලෝකයේ මාවතකට ද හේතු විය. මේ හේතුව නිසා චිරංජයට තම ව්‍යාපාරය පවත්වාගෙන යාමට නව ක්‍රම සෙවීමට සිදු වූ අතර, ඔහුට ජයග්‍රහණයේ මඟ පෙන්වූයේ අන්තර්ජාල වේදිකාවයි. නැවතත් ඔහු නව ගමන් මාර්ගයකට අවතීර්ණ වී, මිනිසුන් ආකර්ෂණය කරන ආකාරය අත්හදා බලමින් නව පණක් ලබා ගැනීමට සමත් විය. Taobao (චීන-වාණිජ්‍ය වේදිකාවක්) වෙතින් ආරම්භ වී, ප්‍රදර්ශන සහ අන්තර් ක්‍රියාකාරකම් තුළින් තම නිෂ්පාදන අන්තර් ජාලය තුළ ඉක්මණින් ප්‍රවර්ධනය කරමින් ඔහු අන්තර් ජාලය තුල නමක් දිනාගත් පුද්ගලයෙකු සහ CIIE (China International Import & Export) හි තානාපතිවරයා ලෙස අතිවිශිෂ්ට ගමනක් ආරම්භ කලේය.
බිලියන 1.4 ක ජනතාවක් වාසය කරන චීනයේ වෙළඳපොළ අපට ඉතා වැදගත්ය. නමුත් අපි ඔවුන් වෙත ළඟා වීමට සැමවිටම අසමත් වෙමු. එයට හේතුව චීනය සෑමවිටම තාක්ෂණය සමඟ ගමන් කිරීමයි. “ඔහුට පෙනෙන පරිදි, ශ්‍රී ලංකාවේ මිනිසුන් ව්‍යාපාරයක සාර්ථකත්වය මනිනු ලැබුවේ යමෙකු සතුව ඇති සුපිරි වෙළඳසැල් සංඛ්‍යාවෙනි. නමුත් දැන් ඔහුන් ඔවුන්ගේ අදහස වෙනස් කර “චීනයට නිෂ්පාදන කීයක් විකුණා තිබේද” යනුවෙන් අසමින් චීනයේ සීග්‍ර ඩිජිටල් තාක්ෂණයේ සංවර්ධනය තම රට සමග සසඳයි. ඔහු ප්‍රකාශ කළේ, “දැන්මිනිසුන්ගෙන් 90% ක්තමදුරකථනයෙන්නිෂ්පාදනමිලදීගන්නාඅතරඅපගේනිෂ්පාදනදියුණුකරගැනීමටනම්තාක්ෂණයහරහාප්‍රවර්ධනයකළයුතුබවයි.”
ඊ-වාණිජ්‍යයේ පිපිදීමෙන් සහ මූල්‍යයමය තීක්ෂණ බුද්ධියෙන් ආශීර්වාද ලත් චිරංජයගේ වෙළඳපල ලාභය දැන් ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ යමින් පවතී, එක් පැයක් තුළ බිස්කට් සහ තේ පිරවූ පෙට්ටි  100,000 ක් විකිණීම ෆැන්ටසියක් නොවේ. “මම හිතන්නේ ඔබට කඩ 10ක් 100ක් ඇරලාවත් මේක කර ගන්න පුළුවන් කමක් නැහැ, නමුත් ඊ-වාණිජ්‍යය සමඟ වියදම එච්චර වැඩි නැහැ, හැබැයි ඔබ හොඳට ප්‍රදර්ශනය කරන්න ඕනේ, අපි ඉගෙන ගන්න ඕනේ තාක්ෂණයෙන් ඒක කරන්න කොහොමද කියලා. චිරංජය පවසන්නේ උනන්දුවෙන් තම අත්දැකීම් වෙනත් පුද්ගලයින් වෙත ලබා දෙමිනි.
චීන, ශ්‍රී ලාංකිකා දෙරටේම සංස්කෘතියට බැදුණු පුද්ගලයෙකු ලෙස, ඔහු තම සමාගම අගය කරන්නේ ශ්‍රී ලංකාවෙන් තේ අපනයනය සහ චීනයෙන් ටින් ආනයනය මගින් ඔහුගේ සමාගම සේද මාවත ව්‍යාපෘතියේ දෙරටේ සම්බන්ධතාවය සංකේතවත් කරයි.
චිරංජය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආනයනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පමණක් නොව, චීනයේ තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට අපනයනය කිරීම මගින්, ඔහු චීනයේ ඩ්‍රෝන් සහ අනෙකුත් නිෂ්පාදන යන්ත්‍ර ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම කේෂත්‍රයට හඳුන්වා දෙමින්, රටවල් දෙක අතර, කෘෂිකාර්මික තාක්ෂණයේ හොඳ අවබෝධයක් සහ රටවල් දෙක අතර හොද සම්බන්ධයක් ඇති කිරීමට දායක වෙයි.
ඔහු වාර්ෂකව පවත්වන සැසි දෙකට සහභාගී වෙමින් ජාත්‍යන්තර ව්‍යාපාරවලට අදාළ මාතෘකාව කෙරෙහි සෑම විටම අවධානය යොමු කරයි, මන්ද එය ඔහුට උපකාර වනවා පමණක් නොව වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීමේ හැකියාවද ඇතිකරයි. ”ඔවුන් එහිදී ලබාගන්නා තීරණ මුළු ලෝක ආර්ථිකයටම ඉතා වැදගත් වෙයි.”
බොහෝ අය ආතති සහගත හා අවිවේකී ජීවිතයකට සාපේක්ෂව විවේකී ජීවිතයක් තෝරා ගනු ඇතනමුත් චිරංජයගේ ජීවිතයේදී එය එසේ නොවේ. ඔහු චීනයේ වේගවත් ජීවන රටාවට කැමත්තක් දක්වන්නෙකි. “මම හිතන්නේ මම චීනයේ වේගයට කැමතියි” යැයි පවසන කිහිප දෙනාගෙන් අතර කෙනෙකි. චීනයේ සමහර මිනිසුන් ප්‍රමාණය ඉක්මවා වැඩ කිරීමට නැඹුරුවක් දක්වන අතර, චිරංජයත් කිසිම පැකිලීමක් නැතිව එම දේ කරයි. මන්ද යත් අභිප්‍රේරණය පැන නගින්නේ ඔහුගේම ආශාවෙන් වඩා හොඳ ව්‍යවසායකයෙකු වීමේ දැක්මෙනි. ඔහුගේ වෘත්තිය ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කයෙන් උද්දීපනය වීම නිසා උදේ 9 ට හෝ මධ්‍යම රාත්‍රියට ඔහුගේ කාර්යාලයට යාම ඔහුට වෙහෙසකර නොවේ, මන්ද අප සැමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වේ. අප සැමට අපගේ ජීවිතයේ ඇත්තේ කෙටි කාලයක් පමණි, එබැවින් ඔබට කළ හැකි දෙයින් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුය. එය ප්‍රමාණවත් යැයි මම සිතන්නේ නම්, මට නැවත ලංකාවට ගොස් විවේක සුවයෙන් ගත කළ හැකිය, නමුත් ඒ මම නොවේ.
ආරම්භයේදීම ඔහු ඔහුගේ අධිෂ්ඨානය ගැන පැවසූ දෙය වෙත අප ආපසු හැරී බලන විට දක්නට ඇත්තේ ඔහු ඇත්තටම අදහස් කළේ එය බවයි.
ඔබ වේගයෙන් වැඩකරමින් කාර්යබහුලත්වයෙන් කොතරම් හොඳ කාර්යයක් කළද, මිනිසුන් වෙනත් ආකාරයකින් හෝ ඔබට පැමිණිලි කරනු ඇත. ඔබට යමෙකු පවතින තත්ත්වයෙන් ඉවත් වීමට බල කළහොත්, එය ඔබට අනවශ්‍ය පීඩනයක් වනු ඇත, සාමාන්‍යයෙන් චීන ජනතාවගේ කඩිසරකම ඔහුට හොදින් හුරු දෙයකි. කෙසේ වෙතත්, එය ඔහුට පීඩනයක් නොව, ඔහු අපේක්ෂා කරන තරඟයයි. ”ඔබ ඉන්ධන පිරවුම්හලක් විවෘත කර මුදල් උපයන්නේ නම්, ඔබ අසල තවත් ඉන්ධන පිරවුම්හලක් විවෘත වනු ඇත.”ඔබ කරන ව්‍යාපාරය අනෙක් අය ඉක්මනින් අනුගමනය කරනු ඇත, එයින් අදහස් කරන්නේ ඔබට වැඩි ප්‍රතිවාදීන් පිරිසක් ඇති බවයි, නමුත් ඔබ අභියෝගයට මුහුණ දීමට සූදානම් විය යුතු අතර, ඔබට බාධා කිරීමට උත්සාහ කරන විරුද්ධවාදීන් සැමවිටම සිටින බව තේරුම් ගත යුතුය, චිරංජය එය මල් පිපීමේ සාක්ෂියක් ලෙස සලකයි.
හැරී බලන විට, ඔහු චීනයේ වේගයට හැම අතින්ම ආදරය කරයි, එයට නියත වශයෙන්ම චීනයේ වේගවත් සංවර්ධනය ඇතුළත් වේ.
චීනයේ නවීකරණය ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙමින් පවතින අතර, පසුගිය දශකය තුළ තාක්ෂණය වේගයෙන් ඉදිරියට යමින් තිබේ. චීනයේ වසර 18ක් ජීවත් වූ පුද්ගලයකු බැවින් චිරංජයට සම්පූර්ණයෙන්ම මේ ගැන කතා කිරීමේ අයිතිය තිබේ.
චිරංජය දුටු දෙයින්, ඔහු නිතර කතා කරන ප්‍රමුඛතම සිද්ධිය වන්නේ ප්‍රවාහන පද්ධතියේ දුටු ආශ්චර්යමත් වෙනසයි, ඔහු 2006 දී පළමු වරට පැමිණි විට බීජිං සිට ටියැන්ජින් දක්වා පැය තුනක දිගු ගමනක් වූ දුම්රිය ගමන දැන් විනාඩි 30 දක්වා අඩු වී ඇත. බුලට් දුම්රිය දියත් කර වසර වසර 10 කට පසු උමං දුම්රිය මාර්ග 20 කට වඩා වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, එය අන්තර් පළාත් සහ නාගරික ගමනාගමනයට බෙහෙවින් පහසුකම් සපයයි.යටිතල පහසුකම් මෙන්ම, චීනය ලබා ඇති දැවැන්ත ජයග්‍රහණවලින් එකක් ලෙස සම්පූර්ණයෙන්ම නව මුහුණුවරකින් තැනූ ලොව විශාලතම ගුවන් තොටුපළ දැක්විය හැක. වසර දහයක කාලයකට පසුව නැවත චීනයට පැමිණි ඔහුගේ මිතුරා මේ දේවල් දැක මවිතයට පත් විය. මුදල් රහිත ගෙවීම ගැන කතා කරමින් ඔහු ඉතා සතුටට පත් විය, “වසර තුන හතරකට වැඩි කාලයක් මමද මුදල් භාවිතා නොකරමි මම ඔහුට පැවසුවෙමි. මම මගේ දුරකථනය ගන්නේ එළියට යන විට පමණයි.”, ග්‍රාමීය ප්‍රදේශවලද තාක්ෂණය එකසේ ව්‍යාප්ත වී ඇති ආකාරය, වයස් පරතරයක් නොමැතිව විද්‍යුත් උපාංග භාවිතා කරන වැඩිහිටියන් කෙතරම් දක්ෂද යන්න ද සඳහන් කරයි.
”චීනයේ සංවර්ධනය ඉතා විශාලයි, ඔබට සිතාගත නොහැකි තරම්.”
දැන් ඔහුගේ සජීවී විකාශන වෘත්තිය වේගවත් වෙමින් පවතින බැවින් ඔහුට සුපුරුදු පරිදි නැවත ලංකාවට යාමට කාලයක් නොතිබුණි, නමුත් ඔහුට ව්‍යාපාරික සංචාර සඳහා චීනය වටා, විශේෂයෙන් දකුණු ප්‍රදේශය මෙන්ම ඔහුට හැකි ගම්බද ප්‍රදේශවලද ගොස් ඇත. එහිදී ඔහු චීනයේ කෘෂිකර්මාන්තය සමඟ ශ්‍රී ලංකාව සහ සම්බන්ධ කිරීම සහ ශ්‍රී ලංකාවේ තේ හඳුන්වාදීමට දායක විය.
අන්‍යයෝන්‍ය  ආදරය සුහදත්වයට අනුග්‍රහයකි. ඔහු චීනයට ආදරය කරන සෑම විටම, මිනිසුන් ඔහුට වඩාත් ආදරය කලේය, ඔහු චීනයේ ඔහුගේ ඡීවන මාවත සකස් කිරීමේ ගමන සිහිපත් කරන අතරමගදී ඔහු චීන ජනතාවගේ සියලු කරුණාව සහ ආගන්තුක සත්කාරයට සදාකාලික කෘතඥතාව පළ කළේය. “මම කොහේ සිටියත් කොහේ ගියත්, රාත්‍රි කාලයේ පවා, කුඩාම අවන්හලේදී පවා, ඔවුන් විදේශිකයන්ට විශාල ගෞරවයක් දක්වූ අතර අපට උදව් කිරීමට සැමවිටම සූදානම්ව සිටියා. මම චීන භාෂාව කතා කළත් නොකළත් පාරේ යන විට පවා ඔහුන් මට උදව් කලා. අවන්හල් වල සිටින අය මුදල් නොතකා අපට හොඳින් සලකුවා. ”Huzhou ‘නගරයෙන් ඔහුට ලැබුණු කරුණාව ඔහු සැමවිටම සිහිපත් කලා, ඔහු තම ව්‍යාපාරය ආරම්භ කරන විට එහි නිවැසියන් ඔහුට නවාතැන් ලබා දී සහාය වීමට පුද්ගලයින් පවා හඳුන්වා දුන් අතර, ඔහුගේ වෘත්තීය ජීවිතය පවත්වා ගෙන යාමට ඔහුගේ වියදම් අවම කර ගනිමින් ඔහුන් මුළු හදවතින්ම උදව් කළේ ”ඔබ හොඳයි. ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන කෙනෙක්. අපි ඔබට උදව් කළ යුතුයි.”
පැවසීමෙන්. ඒ මිත්‍රත්වයට වයස පරතරයන් නොවීය. ඔහුගේ එක් මිතුරෙකුගේ වයස අවුරුදු 70 කට ආසන්න විය, “ඔහු නිතරම ස්ටේෂන් එකට එන්නේ මාව ගන්න, නිතරම මාව බලාගන්න, මම හෝටලයක නැවතුණොත් ඔහු ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න මාත් එක්ක ඉන්නවා. ඔහු මුදල් හා කාලය වැය කරමින් මා වෙනුවෙන් මේවා කරයි කියා මට විශ්වාස කරගන්න බැරිවුනා.
“කරුණාව තුළින් ඇතිවන බෙදාහදා ගැනීම හා අවබෝධය ඔහු අන් අය සමඟ ක්‍රියාකරන ආකාරයට, අවශ්‍යතා ඇති වැඩි පිරිසකට කරුණාව හා උපකාර දක්වමින් සිටී. “දැන් මගේ ප්‍රධාන ඉලක්කය වන්නේ චීනයේ උපාධි ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ මෙහි පැමිණීමට කැමති ඕනෑම කෙනෙකුට මට හැකි ආකාරයෙන් චීනයේ රැකියාවක් සොයා ගන්න.උපකාර කිරීමයි. ” ශ්‍රී ලංකාවේ උපාධිධාරී සිසුන් හට, ඔවුන් ලබා ඇති කුසලතා අනුව විශිෂ්ට රැකියාවක් කරමින් ජීවත් වීමට හැකි අවස්ථාව සලසා දීමත් විශේෂයෙන්ම මගේ කාර්යාලයේ, සේවයට පැමිණීමට ඔහුන්ට අවස්ථාවක් ලබාදෙමි. “ඔහු චීනයට පැමිණීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට අත දීමට සෑම විටම සූදානම්ව සිටී.
”අද මම මෙතන ඉන්නේ චීන රජයෙන් ලැබුණු අවස්ථාව නිසා.” Beijing Service විසින් පැවැත්වූ ඔහුගේ එක් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඉතා හෘදයාංගම ලෙස පැවසීය.
භූ විද්‍යාත්මක, දේශපාලනික ගැටුම් සහ අනපේක්ෂිත භීෂණයෙන් ලෝකයම වෙළී ඇති මේ වකවානුව ලෝකයක් තුළ චීනය ජාත්‍යන්තර මැදිහත්වීමේ මාවතක් දල්වමින් සිටී.
“කෝටි 400 ක ජනතාවක් වෙසෙන චීනය තුළ රටේ සමානාත්මතාවය රැක ගැනීමට චීන රජය ඉතා විශාල කාර්යයක් ඉටු කරයි, කිසිම ප්‍රශ්නයක් නොමැතිව රටක් පාලනය කිරීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ, අපේ රටේ සෑම විටම ප්‍රශ්න තිබේ, පාරට එන මිනිසුන්, කෑගැසීම් නිතර දැකිය හැකිය, නමුත් චීනය එසේ නොවේ. එය ඉතා සාමකාමී රටකි, රජය චීනයේ සාමකාමී පරිසරය පවත්වාගෙන ගිය ආකාරය පුදුම සහගතයි.” ඔබ මුදල් උපයා ගෙන කොතරම් ධනවත් වුවත් සාමකාමී ජීවන රටාව මුදලින් ලබා ගත නොහැක.
චීනයට ඔහු දුන් පණිවිඩය:
“ඔබ ලෝකයේ ආරක්ෂිතම ස්ථානයේ ජීවත් වන ඉතා වාසනාවන්ත මිනිසුන් යැයි මම කියමි. ඔබට මේ රටේ මුළු ලෝකයම දැක ගත හැකි අතර, බොහෝ සුන්දර ස්ථාන, බොහෝ සුන්දර සංස්කෘතියක්ද ඇත, චීනයේ සෑම තැනකම සිටින මිනිසුන් ඉතා හොඳ වන අතර ඔහුන් විසින් ලෝකයට බොහෝ දේ ගෙනවිත් ඇත. ඔහුන් චීන ජාතිකයන් වීම පිලිබඳව ඉතා ආඩම්බරයි.  චීනය තව තවත් දියුණු වී සුරක්ෂිතව සතුටින් ජීවත් වීමට හොඳම රට බවට පත් වේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.” ඔහු චීනය සමඟ අභිමානය බෙදා ගන්නා අතර, චීනයේ දියුණුව සහ චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ගැන අවංකවම ප්‍රාර්ථනා කරයි.
ශ්‍රී ලංකාවට ඔහු දුන් පණිවිඩය:
“අපි විටින් විට දුෂ්කරතා රැසකට මුහුණ දුන්න රටක්, ඒ අවාසනාවන්ත දුෂ්කරතා ලැබීමට අපි වාසනාවන්ත නොවෙමු, නමුත් අපි එය පසු කළෙමු, දැන් මගේ ජනතාව ඉතා ශක්තිමත්ය එම ගැටලු ජය ගැනීමට අපට ධෛර්යයක් ඇත. මගේ ජනතාවටත් චීනයෙන් යමක් ඉගෙන ගන්න ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා, චීනය පසුගිය වසරවල දුෂ්කරතා ජයගත් ආකාරය, චීනය මේ වන විට දකින සංවර්ධනයට පැමිණෙන්නේ එලෙසයි, ඒ නිසා අපට චීනයෙන් ඉගෙන ගත හැකි දේ බොහෝයි, ශ්‍රී ලංකාව ගොඩනැගීමට ලබාදී ඇති ප්‍රතිලාභ සහ අවස්ථා ලබාගෙන එය ගොඩනැගීම විශාල කාර්යයක් නොවනු ඇතයි මා අපේක්ෂා කරන අතර, මගේ සුන්දර රට ද සිනහවෙන් සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
欢 迎 探 讨 合 作
联系微信:srilanka-nanggii1;
—— 完 ——
斯里兰卡小妞:资深岛民,写兰卡最多的中国人。
长居科伦坡的中国记者,出版7本书,斯里兰卡国营报纸《星期日观察》专栏作者。曾向斯国总统提问,也采访商业大咖,和艺术家对话;同时也是旅行者和徒步爱好者,住遍岛上酒店,足迹慢行4大洲30多国。
出版作品包括:指南《中国国家地理.斯里兰卡旅行指南》、旅行笔记《印度,不可思议》, 译作《勇者征途:攀登七大高峰》等。

继续阅读
阅读原文